ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන අධ්‍යාපන කලාපයේ රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ටාශයට අයත් බ/තිස්සපුර ම.වි. ද්විතික පාසල (යෝජිත ජාතික පාසල) ඌව තිස්සපුර 6A ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.
අප පාසල 1968 දී ආරම්භ වූ නාගදීප ගොවි ජනපද ව්‍යාපාරයේ අභිනව ජනපද වාසීන්ගේ දරුවන්ගේ ශාස්ත්රාලෝකය දල්වනු වස් ආරම්භ වූ මුල්ම පාසල් පොකුරේ අතලොස්සක් අතරින් එකකි. එවකට පැවති රජයේ අනුමැතිය හා අවධානය මත 1969-12-08 වන දින කණිටු විදුහලක් ලෙස නිල වශයෙන් විවෘත කරන ලද අප විද්‍යාලයේ වැඩ කටයුතු පළමුවෙන්ම ආරම්භ කරන ලද්දේ, 1970-01-08 වන දිනය.
විද්‍යාලයේ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා නිරීක්ෂණය කළ විට හමුවන විශේෂ අත්පත් කර ගැනීම් ලෙස ,
- 1985 -1987 වකවානුවේ එවක මාණ්ඩලික පාසලක් ලෙසත්,
- 1990- 1994 කාලය තුල පර්ෂද මුලස්ථාන පාසලක් ලෙසත්,
- 1994 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් වීමත් කැපී පෙනෙන ප්රවනතාවයන් විය.
- වර්ෂ 2010 දක්වා ප්‍රාථමික හා ද්විතික අංශ එක්ව පැමිණි ගමන වෙනස් කරමින් තත් කාලින අධ්‍යාපන නික හා රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ප්‍රාථමික අංශය අභිනව පාසලක් ලෙස පද්ධතියෙන් විතැන් විය.
- ඉන් පසුව විවිධ රාජ්‍ය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉසුරු පාසලක්, ද්විතික පාසලක් ලෙස අභිෂේක ලද අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ EKSP, ළඟම පාසල හොදම පාසල වැනි වැඩසටහන් හරහා ද විවිධ භෞතික හා මනාව සම්පත් ලාභයන් ලබමින් ප්‍රදේශයේ කීර්තිමත් හා දීප්තිමත් විදුහල් මාතාවක් ලෙස වැජබෙමින් සිටින්නීය.