විදුහල්පති පණිවිඩය

නාගදීප ගොවි ජනපද ව්‍යාපාර වාසි දුවා දරුවන්ගේ අධ්‍යාපන නැණ මංපෙත් විවර කරනට මඟක් ලෙස 1969.12.08 වන දින කනිටු විදුහලක් ලෙස අප විද්‍යාලය ගොඩනැගිණි. කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් කාලානුරූපීව වර්ධනය වෙමින් වර්තමානය වන විට අප විද්‍යාලය ද්විතීයික පාසලක් (යෝජිත ජාතික පාසලක්) බවට පත්ව ඇත.
පාසලේ භෞතික දියුණුවත් සමඟ ඊට නොදෙවෙනිව පාසලින් සමාජයට වූ මෙහෙවර ද ඉතා පුළුල් ය. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය, දුවා දරුවන්ට හිමිකර දෙන අප පාසලෙන් 11 වන ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ද 13 වන ශ්‍රේණියේ උසස් පෙළ විභාගයෙන් ද විශිෂ්ට ලෙස සාමාර්ථ දක්වමින් නැණවත් මෙන් ම ගුණයන්ගෙන් හෙබි සිසු පරපුරක් සමාජයට දයාද කරනු වස් අප විද්‍යාලයේ ගුරු මණඩලය විසින් ලබා දෙන අගනා සහය නොමඳය. එසේම, දැනුම ලබා දීමට අමතරව විෂයානුබද්ධ හා විෂය පරිභාහිර ක්‍රියාකාරකම් වෙත ද දුවා දරුවන් ට අවස්ථාව හිමිකර දෙමින් අප මෙලෙස ජයග්‍රහණ ලබන බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි.
කාලයත් සමඟ දියුණුවන වර්තමාන ලෝකයෙහි නවීනත්වයට පත්වන සෑම ක්ෂේත්රයක්ම හා එකාබද්ධව ගමන්කරන අප විද්‍යාලය වර්තමානය වන විට අප විද්‍යාලයේ සෑම ක්ෂේත්රයකම සීඝ්‍ර දියුණුවක් ලබාගෙන සිටින බව ද සැබෑ ය.එසේ දියුණු වන නව තාක්ෂණය සමඟ ඉදිරියට පෙරමං තනමින් යන මේ ගමනට මෙසේ ශුභාසිංසන පිරිනමන්නෙමු.
ඩී.එම්.පී.කේ.දසනායක,
විදුහල්පති,
බ/තිස්සපුර ද්විතීයික පාසල.