මහවැලි ගඟ පිස - මියුගුණ කොත වැඳ
ගලා හැලෙන පවනැල්ලේ ....
මැද රට දුම්බර ඌවේ ඵල බර
මිටියාවත් ඕවිල්ලේ ....
පිපී දිලෙන සැනසිල්ලේ....
සැරදේ ශ්‍රීනී වැජඹී තිස්සපුර මගේ විදු මෑණී //
හෙළ බස දෙස සිය ආගම පොබයා
ලද උරුමය අපි රකිමූ ….
විද්‍යා ශිල්ප කලාවන් සොඳවා
මතු සුභ මං පෙත් සදමූ ....
ලොව සැම තැන නිති දස්කම් හොබවා
කිතු මිණි මුතුහර දිනමූ ….
සැරදේ ශ්‍රීනී වැජඹී තිස්සපුර මගේ විදු මෑණී //
ණැන ලබමින් එක උකුලෙක වැඩෙනා
දරුවන් සේ අපි බැඳෙමූ ....
සිප් දද නගමින් මුල් තැන් දිනමින්
උගතුන් වියතුන් තනමූ ....
හික්මීමෙන් ගුණ දහමින් දැමෙමින්
ලොව මුදුනෙහි නම ලියමූ ....
සැරදේ ශ්‍රීනී වැජඹී තිස්සපුර මගේ විදු මෑණී //
සැරදේ ශ්‍රීනී වැජඹී තිස්සපුර මගේ විදු මෑණී //