නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

දැනුම පදනම් කරගත් සමාජයක වන නූතන මානව පරම්පරාවේ දූ දරුවන් විසින් අප විද්‍යාලයට සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කිරිම ඉතා අගය කොට සලකමී
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අද්විතීය ගමනක යෙදී සිටිනවර්තමාන මිනිසා, මුළු ලෝකයම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළින් එකම ගමක් බවට පත් කර ඇත. විශ්ව ගම්මානයේ සාමාජිකයන් වන අප එහි කොටස්කරුවන් ලෙස තොරතුරු තාක්ෂණය හා ගනුදෙනු කිරිම සතුටට හා ආඩම්බරයට කරුණකී.
මේ සදහා මඟ පෙන්වන විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරුතුමියටත්, මෙම කාර්යය ඉතා වගකීමෙන් හා ඕනෑකමින් ඉටු කිරීමට සම්බන්ධ වූ Website Devolopnment Team හි දරුවන්ටත් මගේ හෘදයාංගම සුබ පැතුම් හා ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමී.