අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන පිංබිමේ ගැමි පරිසරයක පිහිටි බ/තිස්සපුර ද්විතීක පාසල අධ්‍යාපනයෙන් සුපෝෂිත දරු කැළක් අනාගත ලෝකයට තිලිණ කරන ආදර්ශමත් හා කීීර්තිමත් විදුහල් මාතාවකි.
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ද්වීතීක අංශයේ අධ්‍යාපන අප පාසලේ ක්‍රියාත්මක කරනු ලැබේ.සාමාන්‍ය පෙළ හා උසස් සෙළ යන ජාතික මට්ටමේ විභාගයන්ගේ උසස් ප්‍රතිඵල ලබා දෙමින් සමාජයට මෙන්ම රටට ද අප පාසලෙන් ඉටු වන සේවාව අති මහත්ය.සමඟිය සාමය හා සාමූහිකත්වය පෙරදැරි කරගත් නැණයෙන් ගුණයෙන් පිරිපුන් මනුෂ්‍ය සමාජයක් අනාගත ලෝකයට දායාද කරන පාසල් අතර අප පාසලද පෙරමුණ ගෙන කටයුතු කරයි.







