කලා කීර්ති ශ්‍රි දේශබන්දු ලංකා පුත්‍ර
තිස්ස විදුමැණිගගේ නම ඉහලට ඔසවා තැබිමට සමත් වූ අශාන් නුවන්ත
තම ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා තිස්සපුර විද්‍යාලය තෝරාගත් අශාන් තම උසස් අධ්‍යාපනය සදහාද වගීෂ විජේමාන්න ගුරු පියාණන්ගේ ගුරු හරුකම් යටතේ චිත්‍ර විෂය තෝරා ගනු ලැබුවෙ තමා කුඩා කල සිටම චිත්‍ර විෂය සදහා දැක්වු කුසලතා හේතුවෙනි. කල් යත්ම තම හැකියාව කුඩාකොළයකට පමණක් සීමා නොකල මොහු බිත්තිමත චිත්‍ර ඇදීමට ද හුරුවූයේ තමා චිත්‍ර විෂයට උපන් හපන් අයෙකු යැයි අනෙකුත් අයට පසක් කරවමනි.සුදු බිත්ති මත ඔහු අතින් වු අලංකරණය විහාර,නිවෙස් බොහෝය.
පාසල් කාලයේදී ම මෙවන් කුසලතා දැක්වු අශාන් තම උසස් අධ්‍යාපනය සදහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරිපත් වූ අශාන් වැඩිකල් නොයත්ම ඔහුගේ හැකියාවන් සහා කුසලතා හේතුවෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් හිමි වූ කලා කීර්ති ශ්‍රි දේශබන්දු ලංකා පුත්‍ර යන ගෞරව නාමය ඔහුගේ ජීවිතයේ තවක් එක් සංධිස්ථානයකි.
https://www.facebook.com/profile.php?id=100064446686232


